සිරියාව ගොඩනගන්න මුදල් ආධාර



සිරියාවෙන් හමුදා ඉවත් කර ගත්තත්, යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත්වුණු සිරියාව යළි ගොඩනැගීමට අවශ්‍ය මුදල් ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

සිරියාවෙන් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගන්නා බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ, සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඇමෙරිකන් හමුදා සමත් වුණු බව පෙන්වා දෙමිණි.

සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට විරෝධය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

බෂීර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ විශ්වාසය වී ඇත. එහෙයින්, සිරියාව යළි ගොඩනැගීමට අවශ්‍ය කරන මුදල් ට්‍රම්ප් විසින් ලබා දෙනු ඇත්තේ කාටදැයි යන්න ප්‍රශ්නාර්ථයක් වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS