සිරියාව අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයෙන් නිදහස්



සිරියාවේ සියලුම පළාත් මේ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ ඔහුගේ ආරක්ෂක උපදේශකයන් විසින් ලබා දෙනු ලැබූ තොරතුරු පාදක කර ගනිමිනි.

ත්‍රස්තවාදීන් අල්ලා ගෙන සිටි පළාත් නිදහස් බව පෙන්වීමට ට්‍රම්ප් සිරියාවේ සිතියමක් මාධ්‍යවේදීන්ට පෙන්නූ බවත්, ට්‍රම්ප් එම සිතියම පෙන්නුවේ කණපිට හරවමින් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS