සිරියානු හමුදා කුර්දි හමුදාවට බෝම්බ ප්‍රහාර එල්ල කරයි.



සිරියාවේ ඊසාන දිග පිහිටි හසාකේ නගරයට සිරියානු හමුදා විසින් බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බව සිරියානු හමුදා ප්‍රකාශකයෙක් පැවසීය. එම පෙදෙස කුර්දි ආරක්ෂක හමුදා පාලනය යටතේ පවතී.

2011 වසරේදී සිරියානු සිවිල් යුද්ධය ආරම්භවීමෙන් පසුව කුර්දි හමුදා පාලනය යටතේ පවතින පෙදෙසකට සිරියානු හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි. මෙම ප්‍රහාරයේ ඉල්කක්ය වූයේ කුර්දි හමුදව බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් සිරියානු හමුදා විසින්  කිසිදු ප්‍රකාශයක් නොකරන ලද අතර හසාකේ නගරයේ හා යාබද පිහිටි ක්වාමිෂ්ලි නගරයේ රජයේ ගොඩනැගිලි රැසක් කුර්දි හමුදා විසින් අල්ලාගෙන සිටින බව ආරංචි මාර්ග පවසයි. පසුව දෙපාර්ශවයම සටන් විරාමයකට එකඟ වු බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී ඒකාබද්ධ පක්ෂයේ මහජන ආරක්ෂක ඒකකයේ හමුදා පවසන්නේ මෙම සාහසික ආක්‍රමණය සම්බන්ධයෙන් නිහඬව නොසිටින බවයි.

වසර පහකට පෙර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහි කැරැල්ල ආරම්භ වනවිට දෙකෝටි හතළිස් පන් ලක්ෂයක් වූ සිරියානු ජනගහනයෙන් සියයට 7ත් 10ත් අතර ප්‍රමාණයක් සමන්විත වූයේ කුර්දි ජාතිකයන්ගෙනි.


RECOMMEND POSTS