සිරියානු සාම කතා යළි ඇරඹෙයි



එක්සත් ජාතීන්ගේ සහයෝගය මත ස්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සිරියානු සාම සාකච්ඡා නැවත ආරම්භ විය.

සිරියාව සම්බන්ධයෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නියෝජිත රැම්සි ඉසෙල්ඩීන් සාකච්ඡාවලට සිරියානු ආණ්ඩුවේ නියෝජිතයන් සහ සිරියානු විපක්ෂය නියෝජනය කරන පිරිස් හමු වී වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ බව වාර්තා විය.

“අපි මූලික වටයේ සාකච්ඡා ආරම්භ කළා. අපිටත් අලුතින් පටන් ගැනීමට අවස්ථාවක් ලැබේවි” යැයි රැම්සි උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

වසර හයක සිට පවතින සිරියානු අර්බුදයට ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී සිටිති. වසර 2011 ආරම්භ වූ සිරියානු අර්බුදය හේතුවෙන් මේ වනවිට 320,000කට ආසන්න පිරිසක් මියගොස් සිටින මිලියන ගණනක් අවතැන් වී සිටිති.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS