සිරියානු වේල්ල පුපුරුවන්න ත්‍රස්තයෝ සැරැසෙති



ඇමෙරිකන් ප්‍රහාර හමුවේ පසුබෑමකට ලක්වී සිටින දනේෂ් ත්‍රස්තවාදීන් සිරියාවේ ටබ්කා වේල්ල පුපුරුවා හැරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එම වේල්ල පුපුරුවා හැරියොත් එයින් හටගන්නා ජල ගැලීම් හේතුවෙන් මහා ජීවිත විනාශයක් සිදුවුනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.

දනේෂ් යනු අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අයත් සාමාජිකයෝය. මොවුන් සිරියාවේ රක්කා නමැති නගරය අත්පත් කර ගෙන සිටිති. වේල්ල පිහිටා ඇත්තේ මෙම නගරයේ සිට කිලෝ මීටර් 40 ක් පමණ දුරින් ඇති යුප්‍රටීස් ගංගාව හරස් කරමිනි. ටබ්කා වේල්ල අතීතයේ හැඳින්වූයේ යුප්‍රටීස් වේල්ල යනුවෙනි.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS