සිරියානු විද්‍යාඥයා මරාදැමේ



ප්‍රමුඛ පෙළේ සිරියානු විද්‍යාඥයකු ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව සිරියානු රජය නිවේදනය කරයි.

අසීස් අසාබාර් නමැති මෙම විද්‍යාඥයා ඝාතනය කළේ ඊශ්‍රායලයට පක්ෂපාතී සටන්කාමීන් යැයි සිරියානු රජය චෝදනා කරයි. විද්‍යාඥයා සහ ඔහුගේ රියැදුරු ගමන් කළ මෝටර් රථයට බෝම්බ ප්‍රහාරය එල්ල විය. ඒ, මස්යාෆ් නගරයේදීය.

මීට පෙර අවස්ථාවකදී අසාබාර්ගේ පර්යේෂණ අධ්‍යයන අංශයට ද ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් අසාබර් දිවි ගලවා ගෙන සිටි බව ද පැවැසෙයි.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS