සිරියානු රජයේ හමුදාවට ඊජිප්තු හමුදාවේ සහාය



ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට, බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට ඊජිප්තු රජය තීරණය කර ඇති අතර, ඊජිප්තු හමුදා හෙලිකොප්ටර් යානා 18 ක් මේ වනවිට සිරියාවට යැවීමට ද ඊජිප්තු රජය පියවර ගෙන ඇත.
ත්‍රස්තවාදීන් පරාජය කිරීමට අවශ්‍ය සෑම උදව්වක්ම සිරියානු රජයට ලබා දීමට තමන් කටයුතු කරනවා යැයි ඊජිප්තුව සිරියානු රජයට දන්වා ඇත.
සිරියානු ජනපති බලයේ රැඳී සිටීම අනුමත නොකරන නමුත්, රටේ දිනෙන් දින උත්සන්න වන ත්‍රස්ත තර්ජන මැදපෙරදිග කලාපයටම තර්ජනයක් හෙයින් එය තුරන් කිරීමේ අරමුණ ඇතිව තමන් සිරියාන රජයට සහ හමුදාවට මෙසේ  සහාය දක්වන බව ඊජිප්තුව පවසා ඇත.


RECOMMEND POSTS