සිරියානු රජයේ හමුදා සටන් විරාමය කඩනවා - විපක්ෂ කැරැලිකරුවන්ගෙන් චෝදනා




රුසියාව සහ තුර්කිය එක්වී, හඳුන්වා දුන් සටන් විරාමය සිරියානු රජයේ හමුදාව විසින් උල්ලංගනය කර ඇතැයි එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට සහාය දක්වන සන්නද්ධ කැරැලිකරුවෝ චෝදනා කරති.

රුසියාව සහ තුර්කිය මැදිහත් වී, මුළු සිරියාවම ආවරණය වන පරිදි, එම සටන් විරාමය ආරම්භ කළේ, පසුගිය දෙසැම්බර් 31 වැනිදාය. රුසියාව, බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ රජය නියෝජනය කරන අතර, තුර්කිය, නියෝජනය කරන්නේ ඔවුන් සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

සටන් විරාමය අතරවාරයේ රුසියානු, තුර්කි නියෝජිතයන් ද සිරියානු රජයේ සහ විපක්ෂය නියෝජිතයන් ද අතර සාකච්ඡා පැවැත්වීමට සූදානමක් තිබේ. ඒ, සිරියානු අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමටත්, ගැටුම් අවසන් කිරීමටත්ය. සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මස ජනවාරි මස අවසන් වෙද්දීය.

සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්නද්ධ කැරැලිකරුවන් ආරම්භවුණු මෙම සටන් විරාමයට බාධා කිරීම හේතුවෙන්, සටන් විරාමය දෙදරා යෑමට පටන්ගෙන ඇතැයි බියක් හටගෙන ඇත.

රුසියානු ජනාධිපති පුටින් සහ තුර්කි ජනාධිපති එඞ්රෙගොන් විසින් සිරියාවට හඳුන්වා දෙනු ලැබූ මෙම සටන් විරමායට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ද හිමි වී ඇතැයි වාර්තා වේ.


RECOMMEND POSTS