සිරියානු මිග් යානයක් අතුරුදන්



ඔත්තු බැලීමේ නියැලුණු තම ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් තුර්කි දේශසීමා ආසන්නයේදී අතුරුදන් වූ බව සිරියානු රජය පවසා ඇත.

යානය ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වී කඩා වැටෙන්න ඇති බව සැක කෙරේ. අතුරුදන් වී ඇත්තේ සිරියානු ගුවන් හමුදාවට අයත් මිග් 23 යානයකි.

යානයේ නියමුවා දිවි බේරා ගන්න ඇතැයි විශ්වාස කෙරන අතර ඔහු සොයා මේ වනවිටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

අතුරුදන් යානය සහ එහි නියමුවා සෙවීමට සහාය දක්වනවා යැයි තුර්කි අගමැති බිනාලි ඉයිල්ඩ්රිම් පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS