සිරියානු නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් චෝදනා



සිරියානු රජය පෙරළා දැමීමට සටන් වදින සන්නද්ධ කල්ලිවලට ඇමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් විස රසායනික අවි ලැබෙන බවට චෝදනා එල්ල වී ඇත.

මෙසේ චෝදනා කර ඇත්තේ සිරියානු නියෝජ්‍ය විදේශ ඇමැති ෆයිසාල් මෙකාද්ය. ඒ, පසුගිය දා සිරියාවේ ඩමැක්සක් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම චෝදනා ඔප්පු කිරීමට ප්‍රබල සාක්ෂි ද තමන් සතුව පවතින බවය.

ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය, ජාත්‍යන්තරය විසින් තහනමට ලක් කරනු ලැබූ විස රසායනික අවි සන්නද්ධ කල්ලිවලට ලබා දී ඇත්තේ සිරියාවේ ඇලෙප්පෝ සහ ඩමැක්සක් නුවරට පහර දීම සඳහා යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS