සිරියානු ගායිකාව අතටම අසුවෙයි



සිරියානු ගායිකාවක වන අසාල මුතෆා හේමස්ට් නස්රි,අසාලා ලෙස ප්‍රසිද්ධියට පත් ගායිකාව කොකේන් නැමති මත්ද්‍රව්‍ය රැගෙන යෑම හේතුවෙන් ලෙබනන් රාජ්‍යයේ බිරුයිට් හි පිහිටා ඇති රෆික් හරිරි අන්තර්ජාතික ගුවන් තොටුපලේදි අත්අඩංගුවට පත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඇගේ අත්බෑගය තුල තිබු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරනු ලබන උපකරණ පෙට්ටියේ සඟවා තිබියදී කොකේන් මිලිග්‍රෑම් පහක ප්‍රමාණයක් හමු වු බව ලෙබනන් ගුවන් තොටුපල බලධාරීන් ප්‍රකාශ කළේය.

ඇයගෙන් ලබා ගත් ලේ සාම්පලන් විද්‍යාගාරයකට යවා පරීක්ෂා කිරීමේදි මත්ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බව ලෙබනන් අල් ඩයාර් පුවත්පත වාර්තා කර ඇත.

කිසියම් පුද්ගලයෙකු තමගේ අත්බෑගය තුලට මත්ද්‍රව්‍ය දමන්නට ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී සිරියානු ගායිකා,අසාලා ප්‍රකාශ කර ඇත.

අසාලා අසාද් පාලනය දැඩි ලෙස විවේචනය කළ අයකු ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටින අතර සිද්ධිය වන අවස්ථාවේදි ඇගේ සැමියා වන ඊජිප්තු අධ්‍යක්ෂවරයෙකු වන ටාරික් අල්-ඊරියන් සමඟ කයිරෝ නුවර බලා යමින් සිටියේය.

දෙවන වෛද්‍ය පරීක්ෂණයෙන් ප්‍රතිඵල ලැබෙන තුරුසිරියානු ගායිකාව නිදහස් කිරීමටවිනිසුරු, ක්ලෝඩ් කරම් නියෝග කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS