සිරියානු කඳවුරකට පහර දෙයි



මධ්‍යම සිරියාවේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි.

ඊශ්‍රායලයට අයත් එෆ් - 15 ගුවන් යානා දෙකක් ලෙබනන දේශසීමාවේ පිහිටි ටී - 4 කඳවුරකට එලෙස පහර දී ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. කෙසේ නමුත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවට සිරියානු රාජ්‍ය මාධ්‍යය ද පුවත් වාර්තා කර තිබූ අතර ගුවන් හමුදා කඳවුර වෙත එල්ල වූ මිසයිල අටක් බිම දැමීමට සිරියානු ගුවන් ආරක්ෂක ඒකකය සමත් වූ බව ද වාර්තා විය. ගුවන් ප්‍රහාරයෙන් ජීවිත හානි සිදුවූ බව වාර්තා විය.

හර්ෂණ තුෂාර සිල්වා

(සී.එන්.එන්)


RECOMMEND POSTS