සිරියානු අර්බුදයට මැදිහත් වෙන්න තුර්කිය සූදානම්



දිනෙන් දින ඔඩුදුවන සිරියානු අර්බුදයට සෘජුව මැදිහත් වී, සාමකාමී විසඳුමක් සෙවීමට තමන් සූදානමින් සිටින බවත්, ඒ සඳහා සිරියානු රජයේ අනුමැතිය අපේක්ෂා කරන බවත් නේටෝ රාජ්‍යයක් වන තුර්කිටය පවසයි.

තුර්කිය සිරියාවේ අසල්වැසියාය. සිරියාවේ රජයට එරෙහිව සටන් වදින අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් තුර්කියට ද හිසරදයක් වී ඇත. තුර්කියේ බෝම්බ පුපුරුවමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නෝ මොවුහුය.

ඇමෙරිකාව සහ රුසියාව සිරියාවට සාමය උදා කරදීමටත්, සටන් විරාමයක් ආරම්භ කිරීමටත් කොතෙක් උත්සාහ කළ ද එම උත්සාහයන් අසාර්ථක විය.

තුර්කි රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති මෙවුලුත් කවොසෝග්ලූ පවසා ඇත්තේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සමඟ සෘජුව සම්බන්ධ වී හටගත් අර්බුදය විසඳීමට කටයුතු කරන බවය. විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉකුත් දා ප්‍රංශයේ ‘ෆ්‍රාන්ස් 24’ පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.


RECOMMEND POSTS