සිරියා සාම සමුළුවට ජගත් නියෝජිතවරයෙක්



සිරියාවට සාමය උදා කිරීමේ අරමුණ ඇතිව, සිරියානු රජයේ නියෝජිකයන්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහභාගී වන රුසියාවේ සෝචි නුවරදී පැවැත්වීමට කියමිත සාම සමුවට තමන් ද විශේෂ නියෝජිතයකු සහභාගී කරවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ සිරියාව වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ නියෝජිත ස්ටෆාන් දෙ මිස්ටුරා රුසියාවේ පැවැත්වෙන සාම සමුළුවට සහභාගී වනු ඇතැයි කියාය.

මෙම සාම සමුළුව පැවැත්වෙන්නේ රුසියාවේත්, තුර්කියේත්, ඉරානයේත් මැදිහත් වීමෙනි. සිරියානු සිවිල් යුද්ධය නිමා කිරීමෙහිලා මෙම රටවල් තුන මැදිහත් වී විශාල මෙහෙවරක් ඉටු කරයි. සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට දායක වූයේ ද රුසියාව, ඉරානය සහ තුර්කියයි.

මෙම රටවල ප්‍රදානත්වයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී ද සිරියානු සාම සමුළු පැවැත්වුණු අතර, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඊට සහභාගී වන්නේ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ විශේෂ නියෝජිතවරයකු සමුළුවට සහභාගී කරවන පළමු අවස්ථාව මෙය වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS