සිරියා භටයින් 34ක් මරයි



අයි.එස් සටන්කාමීන් විසින් එල්ල කල ප්‍රහාරවලින් සිරියානු හමුදාව ඇතුළු රජයේ මිත්‍ර හමුදා සාමාජිකයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිරියාවේ රකා ප්‍රදේශයේදී දෙපාර්ශවය අතර පසුගිය 26 වැනදා සිට මෙම සටන් පැවති අතර අයි.එස් ත්‍රස්ථයින්ගේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් රජයේ හමුදා පසුබැස ඇති බව නිරීක්ෂකයින් පෙන්වාදී ඇත.

එමෙන්ම අයි.එස් සටන්කාමීන් විසින් රජයේ හමුදාවන් කිලෝ මීටර 30ක් දක්වා පසුබෑමට සලස්වා ඇති අතර රජයේ හමුදාව සතුව තිබූ විශාල භූමි ප්‍රදේශයක් ද අත්පත් කරගෙන ඇති බව ද සඳහන් වෙයි.

මෙම මස මුලදී සිරියානු රජයේ හමුදාව හා මිත්‍ර හමුදාව විසින් අයි.එස් සටන්කාමීන් සතුව තිබූ රකා පළාතේ “මැඩන්“ ප්‍රදේශය අත්පත් කර ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට අයි.එස් ත්‍රස්ථයින් විසින් රකා ප්‍රදේශයේ වැඩි වශයෙන් සිය බලය පතුරුවා ඇති බව විදෙස් නිරීක්ෂකයින් පෙන්වාදී ඇත.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS