සිරියා ජනපති බිරිඳට පිළිකාවක්



බලය අත්හැරීම ප්‍රතික්ෂේප කළ සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද්ගේ බිරිඳ අස්මා අල් අසාද් පියයුරු පිළිකා රෝගියකු බව අල් ජසීරා පුවත් සේවය අනාවරණය කර ඇත.

මුල් අවස්ථාවේදී වෛද්‍යවරුන් ඇගේ පිළිකා රෝගී තත්ත්වය හඳුනා ගෙන ඇති බවත්, මේ වනවිටත් ඇය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

අස්මා අල් අසාද් උපත ලබා ඇත්තේ 1975 වසරේදීය. ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇය බැංකු අයෝජනකරුවකු පමණක් නොව, සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියක ද වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS