සිරියා ජනපති අසාද් ඉරානයේ සංචාරයක



සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්, නිල සංචාරයක් සඳහා ඉරානයට පැමිණි බව සිරියානු පුවත් සේවා වාර්තා කරයි.

සිරියා ජනාධිපති අසාද් ඉරාන සංචාරය සඳහා පැමිණ ඇත්තේ දේශසීමා හරහා විශේෂ රථ පෙළකිනි. ඒ, විශේෂ ආරක්ෂාවක් ද යටතේය.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කොමේනිගෙන් පමණක් නොව, ඉරාන ජනාධිපති හසන් රොව්හානීගෙන් ද සිරියානු ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ජනාධිපති අසාද්ගේ පාලනයට එරෙහිව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැදිහත් වී, විරෝධතා ඇරැඹූවේ 2011 වසරේ මාර්තුවේදීය. අයි.එස්. ත්‍රස්තවාදීන්, සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වෙද්දී, සිරියාවේ සිවිල් යුද්ධයක් හට ගත්තේය.

කෙසේ නමුත් අද වනවිට සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදාව සමත් වී සිටී. ඒ, රුසියාවෙන්, ඉරානයෙන් සහ තුර්කියෙන් සිරියානු ජනපති ප්‍රමුඛ රජයට සහ හමුදාවට ලැබෙන සහාය හේතුවෙනි.

සිරියානු යුද්ධය ඇවිලී යද්දී, සිරියානු ජනාධිපති අසාද් අවස්ථා දෙකකදී රුසියාවට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය. ඉන්පසු, සිරියානු ජනපති අසාද්, විදෙස් සංචාරයක නියැලන තෙවැනි අවස්ථාව මෙයයි.

සිරියානු අර්බුදයේ දී, ඉරානයේ සහාය නොඅඩුව සිරියානු ජනපති අසාද් ප්‍රමුඛ රජයට හිමිවෙයි. අසාද්ගේ රජය ෂියා මුස්ලිම් වන අතර, ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි.

යුද ගැටුම්වලින් පීඩාවට පත් වී සිටින සිරියානු සිවිල් වැසියන්ට දිගින් දිගටම අවශය ආධාර ලබා දෙනවා යැයි ඉරාන උත්තරීතර නායකයාත්, ඉරාන ජනාධිපතිවරයාත් සිරියානු ජනාධිපති අසාද්ට පොරොන්දු වී ඇත.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS