සිරියා ජනපති අසාද් අගමැති ධුරයෙන් නෙරපයි



කිසිදු පෙර දැනුම්දීමකින් තොර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් එරට අග්‍රාමාත්‍ය ඉමද් කමීස් ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

සිවිල් යුද්ධයත්, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසයත් හේතුවෙන් මේ වනවිට සිරියාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී.

ඊට විසඳුම් සෙවීමට අග්‍රාමාත්‍යවරයාට නොහැකි වූ බැවින්, ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අසාද් කටයුතු කරන්න ඇතැයි සිරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජල සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හුසේන් ඇරොන් පත් කිරීමට ජනාධිපති අසාද් පියවර ගන තිබේ. ඒ අසාද් සතු ජනපති බලතල යොදා ගනිමිනි.

සිරියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 164 කි. එයින් 68 දෙනකු සම්පූර්ණ සුවය ලබා ඇතැයි ද පැවැසෙයි. මරණ වාර්තා වන්නේ 6 ක් ලෙසය.

ඩමැස්කස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS