සිරියා කුර්දි සටන්කාමීහු අවසන් සටනට සැරැසෙති



ඇමෙරිකාවේ සහාය ලබන සිරියාවේ කුර්දි සටන්කාමීන්, අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහි අවසන් සටනට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකා හමුදා මේ වනවිට සිරියාවෙන් ඉවත් වීමට සූදානම් වෙයි. ඒ, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනයට ලක්වී ඇති නිසාය.  කෙසේ නමුත්, කුර්දි සටන්කාමීන් පවසන්නේ ඇමෙරිකන් හමුදා ඉවත් වීමට පෙර සෙසු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ද විනාශ කිරීම කළ යුතු බවය. එසේ නොවුණහොත්, ඔවුන් යළි ශක්තිමත් වීමේ අවදානමක් පවතින බවට කුර්දි සටන්කාමීන් බිය පළ කර ඇත.

අයි.එස්.අයි.එස්. ත්‍රස්වාදීන්ට එරෙහි සටනේදී එකමුතුවී කටයුතු කළත් සිරියානු රජය පමණක් නොව, සිරියානු යුද්ධයට සම්බන්ධ වී සිටින අසල්වැසි තුර්කිය පවා කුර්දි සටන්කාමීන්ට විරෝධය පළ කරයි. ඒ අනුව, ඇමෙරිකන් හමුදා සිරියාවෙන් ඉවත් වෙද්දී, කුර්දි සටන්කාමීන් අසරණ වෙයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තුර්කි ජනාධිපති එර්දොවාන් සමඟ එක් වී, කුර්දිවරුන් වෙනුවෙන් ආරක්ෂිත කලාපයක් පිහිටුවීමට තීරණය කර ඇත්තේ එහෙයිනි.

ඩමැස්කස්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS