සිරවී සිටි ඉන්දියානුවෝ ආපසු



ඕමානයේ සෝහාර් නගරයේ රැදි සිටි ඉන්දියානුවන් 400ක් පමණ නැවත ඉන්දියාවට යැවීමට ඕමාන බලධාරීන් පියවර ගත් බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

සෝහාර් නගරයේ සේවය කරමින් සිටි ඉන්දියානුවන්ටසේවය කළ සේවා ස්ථානයෙන් මාස ගණනක වැටුප් නොගෙවීම නිසාඔවුන්ට ආහාර සහ නැවාතැන් පහසුකම් ලබාගැනීමට නොහැකි වීමෙන්ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු වු බව වාර්තා වේ.  

අසාධාරණයට ලක් වු ඉන්දියානුවන්ටඅලුතින් රැකියා ලබාදීම සඳහාත් ඉතිරි ඉන්දියානුවන් සිය රටට යැවීමට මස්කට් නුවර පිහිටා ඇති ඉන්දීය තානාපති කාර්යාලය සහ ඕමාන මිනිස් බල අමාත්‍යාංශය එක්ව පියවර ගත්තේය.  

ඕමාන ඉන්දීය තානාපති, ඉන්ද්‍රා මනි පාණ්ඩේ ඕමාන මිනිස් බල අමාත්‍යාංශය සමඟ එක් වී ඉන්දියානුවන්ට උපකාර කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරූ බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS