සිරකරුවෝ 85,000 කට නිදහස



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් ඉරානය එරට සිරකරුවන් 85,000 කට නිදහස ලබා දී ඇත.

ඉරානය මීට සති කීපයකට පෙර ද වයිරසය හේතුවෙන් සිරකරුවන් නිදහස ලබා දී ඇත.

ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිරකරුවන්ට නිදහස ලබා දීම තාවකාලිකව සිදුවන ක්‍රියාවලියක් බවත්, වසංගත තත්ත්වය පහව යෑමෙන් පසු නිදහස ලබන සැවොම ආපසු බන්ධනාගාරවලට වාර්තා කළ යුතු බවත්ය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඉතාලියට පසු වැඩිම මරණ සහ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඉරානයෙනි. ඊයේ (16) වෙද්දී ඉරානයෙන් වාර්තා වූ අසාදිතයන් ගණන 14,991 කි. වාර්තා වූ මරණ ගණන 853 කි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)

 


RECOMMEND POSTS