සිරකරුවෝ 803කට සමාව



එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික්කලිෆාබින්සයිඩ්අල්නහියාන්සැප්තැම්බර් 01දිනට යෙදෙන Eid Al Adha උත්සවය වෙනුවෙන් විවිධ වැරදි වලට එමිරේට්ස් අධිකරණය මඟින් බන්ධනාගාර ගත කරන ලද සිරකරුවන් 803 දෙනෙකුට සමාව ලබා දීමට තීරණය කර ඇති බව අල්-බයන් පුවත් පත වාර්තා කළේය.

සිරකරුවන්ට ගෙවීමට ඇති දඩ මුදල් එමිරේට්ස් රජය විසින් දැරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සිරකරුවන්ගේ පවුල් වල පවතින ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් එමිරේට්ස් ජනාධිපතිවරයා අදාල තීරණය ගෙන ඇති බවත් පවුලේ සාමාජිකයින් සමඟ නව ආරම්භයක් ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදීම සමාව දීමේ මුලික අරමුණ වී ඇති බව අල්-බයන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS