සිරකරුවෝ 70,000 කට සමාව



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන බැවින් සිරකරුවන් 70,000 කට නිදහස ලබා දීමට ඉරාන රජය පියාවර ගෙන ඇත.

ඉරාන බන්ධනාගාර කිහිපයක වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට සිදුවුණු බව ද ඉරාන රජය වැඩිදුරටත් පවසා ඇත.

මේ වනවිට ඉරානයෙන් කොරෝනා ආසිදතයන් 7,161 ක් වාර්තා වී ඇති බවත් වයිරසය ආසාදනය වී මියගිය ගණන 237 ක් බවත් පැවැසෙයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS