සිරකරුවන්ව නිදහස් කරගන්න මැදිහත් වෙලා



රුසියානු හමුදා යුක්රේනයේදි අත්අඩංගුවට ගත් විදේශිකයන්ව නිදහස් කරගැනීමට සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් මැදිහත් වී ඇති බව වාර්තා වේ. 

සල්මාන් කුමරුගේ මැදිහත් වීමෙන් පසු විදේශීය සිරකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට රුසියාව කටයුතු කර ඇති බව සෞදි විදේශ අමාත්‍යාංශය පවසයි.

නිදහස් කළ සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ස්වීඩන්, ක්‍රොඒෂියානු සහ මොරොක්කෝ ජාතිකයන් ඇතුළත් වේ.

සිරකරුවන් රැගත් ගුවන් යානය රුසියාවේ සිට සෞදි අරාබියට පැමිණ ඇති අතර, අවශ්‍ය නීතිමය කටයුතු කිරීමෙන් පසු විදේශිකයන්ව අදාල රටවලට යැවීමට සෞදි අරාබිය කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)


RECOMMEND POSTS