සිරකරුවන් 662 ජනාධිපති සමාව



එමිරේට්ස් ජනාධිපති, ෂයික් කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් සිරකරුවන් 662කට සමාව ලබාදී ඇති බව වාර්තා වේ.

48 වැනි ජාතික දිනය නිමිත්තෙන් සිරකරුවන්ට සමාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.

නිදහස් කළ සිරකරුවන්ට අලුතින් ජීවිතයක් ආරම්භ කිරීමට සහ ආර්ථික ප්‍රශ්න සමනය කරගැනීමට අවස්ථාවක් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS