සිරකරු හුවමාරුවකට කැමතියි



ඇමෙරිකාව සමඟ තවත් සිරකරු හුවමාරුවකට කැමැති බව ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ජවාද් සෆ්රී පවසා ඇත. ඇමෙරිකාව සහ ඉරානය අතර සිරකරු හුවමාරුවක් ඉකුත් සති අන්තයේ පැවැතිවිණි. ඒ, ස්විට්සර්ලන්තයේ මැදිහත්වීමෙනි.

එම සිරකරු හුවමාරුව හරහා, ඉරාන අත්අඩංගුවේ සිටි ඇමෙරිකානු චීන උපාධි අපේක්ෂක ශිෂ්‍යයකු වන සියුවේ වොංග් නිදහස් කර ගැනීමට ඇමෙරිකාව කටයුතු කළේය. ඒ, ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි බව සිටි ඉරාන විද්‍යාඥ මසූද් සුලෙයිමානී ඉරානයට බාර දීමෙනි.

ඉරානය අතීතයේ හැඳින්වූයේ පර්සියාව යනුවෙනි. සියුවේ වොංග්  ඉරානයට පැමිණ ඇත්තේ ආචාර්ය උපාධිය වෙනුවෙන් පර්සියානු ඉතිහාසය හැදෑරීමටය. ඉරාන බුද්ධි අංශ සහ රජය මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමෙරිකානු ඔත්තුකරුවකු බවට චෝදනා කරමිනි.

සියුවේ වොංග් නිදහස් කළ බවත් ඔහු ඇමෙරිකාවට බාර දුන් බවත්, ඉරාන විද්ශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ්, ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත. එමෙන්ම, සිරකරු හුවමාරුව සාර්ථක වීම සම්බන්ධයෙන් තමන් ස්විට්සර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා යැයි ද ඉරාන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි. ඇමෙරිකා අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉරාන විද්‍යාඥයා ඉරාන ගුවන් යානයකින් ආපසු ගෙන්වා ගැනීමට හැකිවිය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS