සියළුම ගුවන්තොටුවල් විවෘත කරයි



ඊජිප්තුවේ සියළුම ගුවන් තොටුපොලවල් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ජුලි 01 දින සිට විවෘත කරන බව වාර්තා වේ.

2020 ජූලි මාසය ආරම්භයත් සමඟ සියළුම ගුවන් තොටුපලවල් ගුවන් ගමන් සඳහා විවෘත කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය, මොහොමඩ් මනාර් අන්බා පවසයි.

සංචාරක කටයුතු වෙරළබඩ පළාත් තුනක සංචාරක නිකේතනවලට පමණක් සීමා වන බව ඊජිප්තු රජය පවසනවා.

විදේශීය සංචාරකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා ගුවන් යානා තුළ, ගුවන්තොටුපලවල සහ හෝටල්වල ආරක්ෂිත පියවර ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් පරිදි ආසාදිත රටවලින් ඊජිප්තුවට පැමිණෙන සංචාරකයන්වපරීක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS