සියවසේ දිර්ඝතම චන්ද්‍ර ග්‍රහණය



සියවසේ දක්නට ලැබෙන දිර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෝක වාසි ජනතාවට ජුලි 27වන දින දර්ශනය වන බවට කුවේට් තාරකා විද්‍යාඥ සහ පර්යේෂක, ඇඩෙල් අල්-සාඩූන් ප්‍රකාශ කළ බව කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.

චන්ද්‍රග්‍රහණය රාත්‍රී 9.24ට ආරම්භ වීරාත්‍රී 10.30 වනවිට උපරිම අවස්ථාවට පැමිණෙන අතර පැයකුත්විනාඩි හතලිස් තුනක කාලයක් පවතින බව වාර්තා වේ.

මෙම සියවසේ වැඩිම කාලයක් පවතින චන්ද්‍රග්‍රහණය ලෙස වාර්තා වන බව සාඩූන් ප්‍රකාශ කළේය.

චන්ද්‍රයා හා සූර්යා අතරට පෘථීවිය පැමිණීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිතවීමචන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වේ.

ජානක ප්‍රියදර්ශනක ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS