සියල්ල යථා තත්ත්වයට පත්වේවි



‘කෝවිඞ් 19’ වයිරසය පැතිරීමත් සමඟ රට මුහුණ දුන් අර්බුදය ඉදිරි සති තුනක කාලය ඇතුළත සමථයකට පත්වේවි යැයි තමන් විශ්වාස කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසයි.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, වයිරසය මර්දනයට පනවා ඇති දැඩි නීතිරීති සහ තහංචි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ජාතිය අමතමිනි. එම අවස්ථාවට රජයේ මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක් ව සිටි බව පැවැසෙයි.

චීනයෙන් පිට දරුණු අන්දමින් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ රටක් ලෙස සැලකෙන්නේ ඉරානයයි.

ඉරානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 21,638 කට ආසන්නය. වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ ගණන 1,685 පසු කර ඇත.

ඊට අමතරව වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 8,000 ක් බව ද පැවැසෙයි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS