සියදිවි හානිකරගන්න හදලා



නාඳුනන පුද්ගලයෙක් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේදි සියදිවි හානි කරගැනීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

පිස්තෝලයක් රැගෙන ගුවන්තොටුපොලට ඇතුළු වී හිසට වෙඩි තබාගන්නා බවට අවට සිටි පුද්ගලයන්ට තර්ජනය කර විදේශ ගමන් බලපත්‍ර අංශයෙන් ඉවත්ව ගොස් 29 වන ගේට්ටුව හරහා ගුවන්පථයට ඇතුළු වී ඇත.

ගුවන්තොටුපොල ආරක්ෂක අංශය වහාම ක්‍රියාත්මක වී තත්ත්වය පාලනය කර පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS