සිනමාව දියුණු කරන්න උපාය මාර්ගික සැළැස්මක්



සෞදි සිනමා කර්මාන්තය දියුණු කිරීම සඳහා උපාය මාර්ගික සැළැස්මක් ක්‍රියාත්මක කරන බව සෞදි චිත්‍රපට කොමිසන් සභාව ප්‍රකාශ කළේ ය.

සෞදි සිනමා කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබාගැනීමේ අරමුණින් අදාල උපාය මාර්ගික සැළැස්ම ක්‍රියාත්මක කරන බව චිත්‍රපට කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී, අබ්දුල්ලා අල්-කටානි පැවසුවේ ය.

චිත්‍රපට නිෂ්පාදනය සහ දක්ෂතා සඳහා සෞදි අරාබිය ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම උපාය මාර්ගික සැළැස්මේ තවත් කොටසක් බවත්, සෞදියේ සිනමා කර්මාන්තය මැද පෙරදිග වේගයෙන්ම වර්ධනය වන එකක් බව අබ්දුල්ලා අල්-කටානි වැඩිදුරටත් පැවසුවේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය, රියාද් නුවර)

RECOMMEND POSTS