සිඩ්නි නුවරට විශාල මුස්ලිම් පල්ලියක්



ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශාල මුස්ලිම් පල්ලියක් විවෘත කර ඇති බව වාර්තා වේ.

කුවේට් රාජ්‍ය නොවන සංවිධානයක් වන රහ්මා ඉන්ටර්නැෂනල් සහ අවුකාෆ් ප්‍රධාන ලේකම් කාර්යාලය එම පල්ලිය විවෘත කර ඇත.

සිඩ්නි නුවර තුළ විශාල මුස්ලිම් පල්ලි සංඛ්‍යාවක් ඉදිකරන බව සඳහන් වේ.

මෙම අවස්ථාවට අවුකාෆ් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජිත, අහමඩ් අබ්දුල්-ඉලා, බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිත සහ නිව් සවුත් වේල්ස් ආණ්ඩුකාර, මාග්‍රට් බීසීලි සහ අමාත්‍යවරුන් පැමිණ සිටි බව වාර්තා වේ.

එකවර වන්දනාකරුවන් 500 කට ආගමික වතාවත් සිදුකිරීමට හැකිවන පරිදි විවිධ පහසුකම්වලින් යුත්තව මෙම පල්ලිය ඉදිකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS