සිගරට් කොට පාරේ දැම්මොත් දැඩි දඬුවම්



2017 ජුනි 15 වෙනිදා සිට එමිරේට්ස් රාජ්‍යයේ ක්‍රියාත්මක කිරීමට යන නව රථ වාහන නීතිය අනුව වාහනයෙන් පිටතට සිගරට් කොට හෝ අළු විසි කිරීම රියදුරන්ට තහනම් කර ඇති අතර නව නීතිය කඩන පුද්ගලයින් දැඩි දඩුවම් ලබාදීමට එමිරේට්ස් රාජ්‍ය ක්‍රියාකරන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රියදුරන් අල්ලා ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් දැනටමත් යොදවා ඇති අතර නීතියට පටහැනීව ක්‍රියාකරන පුද්ගලයින්ට එමිරේට්ස් ඩිනාර් 1,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවනවා මෙන්ම රියදුරන්ගේ රථ වාහන ලකුණු 6ක්ද අඩු කරනු ලැබේ.

මාර්ග සංඥා අසලදී වාහනය නතර කල විට සිගරට් කොට හෝ අළු විසි කිරීමද මෙම නීතිය යටතේ තහනම් කර ඇත.

වාහනය තුළ සිටින කවර පුද්ගලයෙකු සිගරට් කොට හෝ අළු වාහනයේ ජනේලයෙන් පිටතට විසි කලහොත් රියදුරා වගකිය යුතු වේ.

පරිසරයට හානි සිදුවන ආකාරයෙන් ක්‍රියාකරන රියදුරන්ට, සම්මත ප්‍රමාණයට වඩා අධික ලෙස දුම් පිටවන වාහන වලට, අධික ලෙස නාලා නාද කිරීම, අධික ලෙස සංගීතය වාදනය කිරීමවැනි වැරදී කීපයකට එමිරේට්ස් ඩිනාර් 400ක දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර රථ වාහන ලකුණු 4ක් අඩු කරන බව රථවාහන අධ්‍යක්ෂ ජෙනරාල්, බ්‍රි ගේඩියර් හසන්අල්සාබී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS