සිංහයෙක් කඩා පැනලා



කුවේටයේ කබ්ඩ් නගරයේ මාර්ගයකට සිංහයෙක් කඩාපැනීමෙන් පසු මාර්ගයේ ගමන් ගත් මෝටර් රථවල සිටි පුද්ගලයන් මහත් භීතියකට පත් වු බව වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වු මහජන ආරක්ෂාව සහ පාරිසරික පොලිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සිංහයාව අල්ලා ගැනීමට කටයුතු කර ඇත.

සිංහයාව අල්ලාගැනීමෙන් පසු ශරීර සෞඛ්‍ය පරීක්ෂා කිරීම සඳහා සත්තු වත්තකට රැගෙන ගිය බව කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශයේ සත්ව සම්පත් පිළිබඳ වැඩ බලන අධ්‍යක්ෂ, ආචාර්ය අලි අල්-කටන් ප්‍රකාශ කළේය.

මීට පෙර අවස්ථාවකදී, සිංහයෙක් මාර්ගයකට පැන ගෘහ සේවිකාවක් ඝාතනය කළ බව ඇලන්බා පුවත්පත් පෙන්වා දී ඇත. 

සිංහයාගේ අයිතිකරුට විරුද්ධව නීතිමය පියවරගැනීමට කටයුතු කරන බව ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS