සෑහීමකට පත් වෙනවා



මාධ්‍යවේදී ජමාල් කශොග්ජීට අත්වුණු අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් සෞදි රජය කළ පරීක්ෂණය සහ සිදුවුණේ කුමක්දැයි සම්බන්ධයෙන් සෞදිය කරන පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත.

කශොග්ජීගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කනස්සල්ල පළ කර තිබුණි. ඒ, කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු වීම නිසාය. සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සෞදියටත්, ඉන්පසු තුර්කියටත් පිටත් කර යැවුවේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ය.

කශොග්ජී සම්බන්ධයෙන් තමන් කිසිදු අවස්ථාවක සෞදියට බලපෑම් නොකරන බවත්, සම්බාධක පැනැවීමක් වැනි දෙයක් සිදු නොකරන බවත් ට‍්‍රම්ප් පවසා තිබුණි. සෞදිය ඇමෙරිකාවේ ප‍්‍රධාන මිතුරා බවත්, ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දී සෞදියේ සහාය ඇමෙරිකාවට අවශ්‍ය බවත් ජනාධිපති ට‍්‍රම්ප් පෙන්වා දී ඇත. ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතරේ මේ වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ගනුදෙනු ද සිදුවෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS