සෑම අයෙකුගේම වැටුප් කපා ගනී



ඊජිප්තුවේ රැකියාවල නියුතු  සෑම පුරවැසියෙකුගේම වැටුප් කපා හැරීමට එරට රජය පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආර්ථික පාඩුව හානිය පියවා ගැනීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් එරට රජය නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඊජිප්තුවේ සේවා නියුක්තව සිටින පුද්ගලයෙකුගේ වැටුපෙන් සියයට එකක ප්‍රමාණයක් කපා හැරීමට තීරණය කර තිබේ.

එමෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුපෙන් අඩක ප්‍රමාණයක් කපා හැරීමට ද ඊජිප්තු රජය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ජූලි මාසයේ සිට වසරක කාලයක් සඳහා මෙම තීරණ ක්‍රියාත්මක වන අතර ඩොලර් 125 ට වඩා අඩු ආදායම් උපයන පුද්ගලයින්ගේ වැටුප් කපා හැරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වී ඇත.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි...

RECOMMEND POSTS