සැබෑ මාධ්‍ය ගැන කථිකාවතක්



ජනමාධ්‍ය සහ සමාජ ජාල සම්බන්ධයෙන් විශේෂ කථිකාවතක් කටාර් වයඹදිග විශ්ව විද්‍යාලයේ (එන් යූ කියු) දී පසුගිය දා පැවැත් වුණු අතර, ඊට සහභාගී වූ විද්වත් මණ්ඩලය පෙන්වා දුන්නේ සමාජ ජාලවල පළ වන පුවත්වලට වඩා පිළිගත් මාධ්‍ය ආයතනවලට අයත් වෙබ් අඩවිවල පළ වන පුවත් විශ්වාස කළ හැකි බවය.

කථිකාවත පැවැත් වූයේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වාර්ෂිකව පැවැත්වෙන සමීක්ෂණයට ද සමගාමීවය.

මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය මෙවර පැවැත්වෙන්නේ පස්වැනි වරටය. මෙවර තේමාව වී ඇත්තේ ‘2017 වසරේ මැදපෙරදිග මාධ්‍ය භාවිතය’ යන්නය.

මෙහිදී සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ලෙබනනය, ජෝර්දානය, ටියුනීසියාව, ඊජිප්තුව පමණක් නොව, කටාර් රාජ්‍යයේ මාධ්‍ය භාවිතය සහ සමාජ ජාල ඔස්සේ පළවන මාධ්‍ය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

සමාජ ජාල සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන පුද්ගලයන් පුවත් ගැන අවදානයෙන් පසුවන්නේ ද එම සමාජ ජාල හරහා යැයි විද්වත් මණ්ඩලය පැහැදිලි කළේය.

ඇතැම් අවස්ථාවලදී, කටකතා සහ පෞද්ගලික මතවාද පුවත් ලෙස සමාජ ජාල ඔස්සේ පළ වෙයි. මේවා ‘පුවත්’ නොවන බවත් ඒවා බැහැර කළ යුතු බවත් විද්වත් මණ්ඩලය කියා සිටියේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS