සැකපිට කාන්තාවක් අත්අඩංගුවට



ඕමානයේ සිදු වු මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඕමාන් රාජකීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පිහි ඇනුම් හා පිළිස්සුම් තුවාළ සහිත මළ සිරුරක් ඇති බවට ඉබ්රා පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

මිනීමැරුමක් සිදු කර ඇති බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත්, නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බව උතුරු අල්-ෂාර්කියා ආණ්ඩුකාර කාර්යාල පොලීසිය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS