සායක් නිසා සෞදියේ ආන්දෝලනයක් !



සෞදි අරාබි තරුණියක් සමාජ ජාල වෙබ් අඩවියකට මුදා හැර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විමර්ශයක් ආරම්භ කර තිබේ.

 ස්නැප්චැට් ඔස්සේ මුදා හැර ඇති මෙම වීඩියෝවේ නිරූපණ ශිල්පිණියක ද වන ක්ලූඩ් නම් අදාළ තරුණිය සිරුර නිරාවරණය වන ආකාරයෙන් උඩුකය ඇඳුමක් සමග කොට සායක් උෂාකීර්හි ඓතිහාසික බලකොටුවක් තුළ ඇවිද යන අයුරු දැක්වේ.

සෞදි ආරාබි කාන්තාවන්ට එවැනි ආකාරයේ ඇඳුමින් සැරසී ප්‍රසිද්ධියේ පෙනී සිටීමට අවසර හිමි නොවේ.සමාජ ජාල වෙබ් අඩවි තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙම වීඩියෝව ජාත්‍යන්තර ප්‍රජාව ඇතර දැඩි සංවාදයට තුඩු දී ඇති අතර ඇතැමුන් පවසන්නේ, සාම්ප්‍රදායික ඇඳුම රටාව කඩ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත යුතු බවයි.

කෙසේ වෙතත් තවත් පිරිසක් ඇයගේ මෙම ක්‍රියාව නිර්භීතකමක් ලෙස ප්‍රශංසාවට ලක් කර තිබේ.සෞදි ආරබි කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී ලිහිල්, මුළු ශරීරයම වැසෙන පරිදි දිග ලෝගුව (අබාය) හැඳ සිටිය යුතු අතර හිස ද අවාරණය වී තිබිය යුතු වේ.ඔවුන්ගේ ශරීරයේ නිරාවරණය විය හැක්කේ, මුහුණ, දෑත් සහ යටි පතුල් පමණි.

මේ අතර සෞදි අරාබි කාන්තාවන්ට රථවාහන ධාවනය මෙන් ම ඥාතීන් නොවන පිරිමින් සමග හැසිරීම ද තහනම් වේ.සෞදි ආරාබියේ නජාඩ් පළාත සැලකෙන්නේ, ගතානුගතික මතධාරීන් සිටින පළාතක් ලෙසිනි.

කෙසේ වෙතත් කුලූඩ් වෙනුවෙන් පෙනී සිටින පිරිස් පවසන්නේ, පසුගිය මැයි මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි ආරාබි සංචාරයේ නිතර වූ අවස්ථාවේ ඔහුගේ බිරිඳ මෙලනියා සහ දියණිය අයිවන්කා අබායකින් හෝ හිස් ආවරණය කර නොපැමිණීම තුළ කලෝඩ් ආරක්ෂා වන බවයි.

තවත් පිරිසක් තර්ක කරන්නේ, ඔවුන් විදේශික කාන්තාවන් බවත් මෙම දර්ශනවල පෙනී සිටින්නේ සෞදි ආරාබි කාන්තාවක බවත්ය.

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS