සාමූහික දඬුවමක්



සිවිල් වැසියන් සාමූහික දඬුවමකට යටත්ව ඇතැයි ද එය කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකි යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

සිරියානු රජයේ හමුදා නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල කරන ලබාදෙන අනුමත කළ නොහැකි සාමූහික දඬුවමක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරිදා (4) ප්‍රකාශ කළේය.

කැරැලිකරුවන්ගේ පාලන පවතින නැගෙනහිර ගූථා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව සිරියානු රජයේ හමුදා මේ වනවිට ගොඩබිම් ප්‍රහාරයට සූදානම් වන බව වාර්තා වේ.

මිලියන ගණනක් වන සිරියානු වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් ඔවුන් මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරිදා නිවේදනයනක් නිකුත් කරමින් සඳහන් කළේය.

දින 30ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වී සතියක් ගත වුණද තවමත් එය ක්‍රියාත්මක වී නොමැත.

හර්ෂණ තුෂාර

අල්ජසීරා


RECOMMEND POSTS