සාමය අඩුම රට සිරියාව



ගෝලීය සාම දර්ශකයේ අවසන් ස්ථානයට සිරියා රාජ්‍යය තේරී පත් වී ඇත. සිරියාව මෙම ස්ථානයට පත් ඇත්තේ අඛණ්ඩව පස්වන වරටත්ය.

ශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

⁣ලොව පුරා රටවල් 163 ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර 67 වන ස්ථානය හිමිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 13කින් ඉදිරියට පැමිණිමක් වේ.


සාමකාමී රටවල් අතර  දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එම කලාපයේ සාමකාමී රට බවට මෙවරත් පත්ව ඇත්තේ භූතානයයි.

අඛණ්ඩව 10 වන වසරටත් ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්ව ඇති අතර නවසීලන්තය, ඔස්ට්‍රේයාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය, පළමු රටවල් 05 අතරට අයත් වෙයි.

එක් එක් රටවල සමාජ සුබසාධනය හා ආරක්ෂාව, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම්  ආදී කරුණු 23ක් සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාම දර්ශකය වසරක් පාසා ප්‍රකාශයට  පත් කෙරෙයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS