සාම සමුළුව වර්ජනය කරති



ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග සාම සමුළුව වර්ජනය කිරීමට පලස්තීන පාලන අධිකාරිය තීරණය කර ඇත.

පලස්තීන පාලන අධිකාරිය සමුළුව වර්ජනය කර ඇත්තේ ඇමෙරිකාව ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට විරෝධය දක්වමිනි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන කිසිදු විසඳුමකට තමන් එකඟ නොවන බවත්, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය විසඳීමේ මැදහත්කරු ලෙස තමන් මින් ඉදිරියට ඇමෙරිකාව පිළිගන්නේ නැති බවත් පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත.

සාම සමුළුවට ඊශ්‍රායලය ඇතුළු අරාබි රටවල් 17 ක නියෝජිතයන් සහභාගී වුණැයි පැවැසෙයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, ඕමානය, ජෝර්දානය, කටාර් රාජ්‍යය ඒ අතර සිටී. ඇමෙරිකාවට අමතරව, කැනඩාව සහ යුරෝපා රටවල් කිහිපයක් ද සාම සමුළුවට සහභාගී වූ බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS