සාප්පු සංකීර්ණයක විශාල ගින්නක්



සෞදි අරාබියේ ජෙඩ්ඩා නගරයේ සාප්පු සංකීර්ණයක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

සාප්පු සංකීර්ණය තුල පිහිටා ඇති වාහන අමතර කොටස් අලෙවි කරන වානිජ මධ්‍යස්ථානයකගින්න හටගෙන ඇති අතර සිවිල් ආරක්ෂණ අධිකාරියේ ගිනිනිවන භටයන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

වෙළඳසැලකින් ගින්න හටගෙන අනිකුත් වෙළඳසැල්වලටද පැතිරී ගොස් ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය කරගැනීමට ජෙඩ්ඩා පොලීසිය සමත් වී ඇත.

ගින්නෙන් සිදු වු හානිය මෙතෙක් ගණන් බලා නොමැති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS