සානා අගනුවරට සෞදිය බෝම්බ දමයි



යේමනයේ සානා අගනුවර ඉලක්කකර ගනිමින් සෞදි ගුවන් හමුදාව, එක්සත් අරාබි එමිරේට්ස් ගුවන් හමුදාවේ ද සහාය ඇතිව බෝම්බ හෙලූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු සිවිල් වැසියන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 25 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

සෞදි සහ එක්සත් අරාබි එමිරේට්ස් හමුදා මෙම ගුවන් ප්‍රහාර එල්ලකර ඇත්තේ හවුති කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් යැයි ද පැවැසෙයි. යේමනයේ පැවැතියේ සෞදි හිතවාදී රජයකි. ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් එම රජය පෙරළා දැමීමට උත්සාහ ගනී. යේමන සිවිල් යුද්ධය නිර්මාණය වූයේ ඒ අනුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS