සාජා ෂොපින් සෙන්ටර් අවන්හලක ගින්නක්



සාජා නුවර සහරා ෂොපින් සෙන්ටර්සාප්පු සංකීර්ණයේ අවන්හලක ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සහරා ෂොපින් සෙන්ටර් සාප්පු සංකීර්ණයට ආසන්නයේ මහජන ආරක්ෂක ඒකකයේ මූලස්ථානය පිහිටා ඇති අතර විනාඩි 10ක් ඇතුලත ගින්න නිවා දැමීම සදහා එම ඒකකයේ ගිනිනිවන භටයින් සමත් වී ඇත.

ගින්න නිවා දැමීමෙන් අනතුරුව පිරිසිදු කිරීම කටයුතු සදහා සාප්පු සංකීර්ණයේ රැදි සිටි සියළු දෙනා ඉවත් කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS