සාජා නුවරට විශාල මුස්ලිම් පල්ලියක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර වර්ග අඩි මිලියන දෙකක විශාලත්වයකින් යුත් මුස්ලිම් පල්ලියක් විවෘත කර ඇති බව වාර්තා වේ.

උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සාජා නුවර පාලක, ආචාර්ය ෂයික් සුල්තාන් බින් මොහොමඩ් අල්-කසීමි පල්ලිය විවෘත කිරීමේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සහභාගි වී ඇත.

බැතිමතුන් 25,000කට වැඩි පිරිසකට එකවර ආගමික වතාවත් සිදුකිරීමට අවස්ථාව හිමිවන අතර අවශ්‍ය පහසුකම් සියල්ල සැපයනු ලබයි.

මිලිහා සහ එමිරේට්ස් මාර්ග එකට සම්බන්ධ වන ටේ ප්‍රදේශයේ පල්ලිය ඉදිකර ඇති අතර එමිරේට්ස් ඩිරාම් මිලියන 300ක් වැය වී ඇති බව වාර්තා වේ.

පල්ලිය තුල කාන්තාවන් 610 ඇතුළුව බැතිමතුන් 5,000කටද, ඉදිරිපස ශාලාවේ සහ ප්‍රවේශ ශාලාවල බැතිමතුන් 6,000කට සහ පිටත ප්‍රදේශයේ බැතිමතුන් 13,500කටඑකවර ආගමික වතාවත් සිදුකළ හැකිය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS