සාකච්ඡා සාර්ථක වෙනවා සිකුරුයි



ඉරාන ජනාධිපති හසන් රොව්හානී සමඟ සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාන ජනාධිපති හසන් රොව්හානී හමුවීමට සූදානම් බව පැවැසුවේ පෙරේදා ය. ට්‍රම්ප් කියා සිටියේ කිසිදු කොන්දේසියක් නැතිව තමන් ඉරාන ජනාධිපති හමුවීමට සූදානම් බවය.

එපමණක් නොව, ඉරාන ජනාධිපති කැමැති ඕනෑම අවස්ථාවක තමන් ඔහු හමුවීමට කැමැති බව ද ට්‍රම්ප් පැවැසීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS