සාකච්ඡා සඳහා කොන්දේසි



තම රටට පැනැවූ ‘අවහිරතා’ ඉවත් නොකරනතුරු සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නැතැයි කටාර් රාජ්‍යය ඔවුන්ට එරෙහි සෙසු අරාබි රටවලට දන්වා ඇත.

කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමින්, කටාරයේ ආර්ථික සහ වෙළෙඳ කටයුතුවලට සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් එක් වී බාධක දමා ඇත.

හටගත් අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සූදානම් වන නමුත් සාකච්ඡා සඳහා පැමිණෙන්නේ බාධක ඉවත් කරන්නේ නම් පමණක් බවත් කටාර් රජය වෙනුවෙන් පවසා ඇත්තේ එරට විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්ලාමන් අල් තානීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS