සාකච්ඡා කරන්න සූදානම්



කුර්දිස්තානය ඉරාකයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමට ගත් තීරණයත් සමඟ නිර්මාණය වුණු අර්බුදය සම්බන්ධයෙන් ඉරාක රජය සමඟ සාමකාමී ලෙස සාකච්ඡා පවත්වන බව කුර්දි නායක මසූද් බර්සානී කියයි.

කුර්දි වැසියන්ගේ බලකිරීම මැද, කුර්දි නායක මසූද් බර්සානී ප්‍රමුඛ සෙසු පාලකයෝ පසුගිය දා කුර්දිස්තානයේ ජනමත විමසුමක් පැවැත් වූහ. ඒ, ඉරාකයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙනි. එහිදී බහුතරය කැමැත්ත පළ කළේ ඉරාකයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමටය.

කුර්දිස්තානය ඉරාකයට අයත් පළාතක් හෙයින්, එම ජනමත විමසුම ඉරාක ව්‍යවස්ථාවට පටහැණි යැයි පැවැසිණි. ඒ අනුව, ඉරාක රජය කුර්දි බලධාරීන් සමඟ උරණ විය. ඉරාක රජය, කුර්දිස්තානයේ ගුවන්තොටුපොළ, බැංකු ඉරාක රජයට පවරා දෙන්නැයි ද බල කර තිබේ.

හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැටුමකට ඉඩ නොතබා සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ ගන්නවා යැයි කුර්දි නායකයා  වැඩිදුරටත් පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS