ස්වෛරීත්වය වෙනුවෙන්



සිරියාවේ ස්වෛරීත්වය වෙනුවෙන් සහ එරටට සාමය උදාකිරීම වෙනුවෙන් තමන් කැපවෙන බවට රුසියාව, ඉරානය සහ තුර්කිය ප්‍රතිඥා දී ඇත.

දිනෙන් දින උත්සන්න වෙමින් පවතින සිරියානු අර්බුදයට කඩිනමින් විසඳුමක් ලබා දීම තම ප්‍රධාන අරමුණ යැයි තුර්කිය වෙනුවෙන් එරට විදේශ ඇමැති මෙව්ලුත් කවුසෝග්ලු, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් සහ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් මොස්කව් නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

බටහිර රටවල් ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් සිරියානු අර්බුදයට මැදිහත් වන බව පෙන්වා දෙමින් එය වැළැක්වීමට පියවර ගත යුතු බවත් රටවල් තුනේ විදෙස් ඇමැතිවරු එකඟත්වය පළ කළහ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS